ගිරිකුලින් වටවූ මේ පුණ්‍ය භූමියේ
මියුගුණ සෑ රජු පිහිට දිනා...
බණ්ඩාරනායක විදුහල් මෑණියේ
ඔබ අප හට සිප් සත දෙවනා..//
නිල් කෙතින් හමා යන සිසිල් පවන් රැල්
ගයයි ඔබෙ ගුණ සිහින් හඩින්...
ඔබ හැදූ වැඩූ ලොව දිනූ පුතුන්
අපමණයි කියා මිහිරි ගී සරින්..//
මාපාකඩ වැව් දිය සිසිල රැදේ
නිබඳවම ඔබේ මව් සෙනෙහෙ ගුණේ...
මිහි මඬලේ සදා මිහිදන්ම නිදන් වේ
ඔබගේ ශ්‍රී නාමය වරුනේ..//
රන් මිනක් රකින නා රජුන් විලස
අප රකිමු ඔබව දිවි තිබෙන තුරා...
සත් පියුම් රැගෙන පා කමල පුදමු
නෙත අග පිරි කඳුලින් දෙපා දොවා..//